Dec 26, 2015

හිරු නොබසින ලෝකය

http://68.media.tumblr.com/tumblr_mcabbhj11Z1qezj1no1_1280.jpg
ප්‍රථමයෙන්, මම ඔබ මේ කතාව විශ්වාස කරාවි යැයි බලාපොරොත්තු නොවෙමි. එසේම  මගේ  සම්පූර්ණ නොසැලකිල්ල සහ සහ
 මෝඩකම නිසා,  හෝතම්බුවාට මේ කතාව කීවිට, බෝක්කුවක් තරමට කටත් ඇරගෙන උන්දෑ මා දෙස  බලාගෙන සිටි සුන්දර දසුන ඔබ දු‍ටුවා නම්, ඔබ ඒ ගැන පුදුම නොවන බවත් මා  දනිමි.බස්සන් කට ඇරියොත් කියන්නේ අලි කෙබර යැයි නොසන්ඩාල  රට්‍ටු කියන කතා පයිසෙකට මායිම් නොකර මම මේ කතාව ඔබට කියමි.

දැන්  නියත වශයෙන්ම ඔබ, මා එක්කෝ නත්තල් පප්පාගේ  සෙල්ලම් බඩු මල්ල හොරකම් කලා යැයි හෝ නැහ්නම් කෞතුකාගාරයෙන් රජ ඔ‍ටුන්න පන්නාගෙන යන්න ඇති වැනි නසරානී වැඩක් කරන්න ඇතියැයි සිතනවා වෙන්න පුළුවන.


හිතවත් පාඨකය, මේ එවැනි කතාවක් නොවේ. අරුම පුදුම කතාවක්  වුවත්, අවසානයේ මා කලා මෙන්ම ඔබද, හෝතම්බුවාද, අල්ලපු ගහේ පොලොස් කොට්ටෝරුවාද,  මේ කතාව විස්වාස කරනු ඇත.

පහුගිය දොහක මං අරාබි කාන්තාරයක් පැත්තෙ ගියේ පාත්තයො දඩයම් කරන්න. මගේ දඩයම් පාටියේ සිටි එකම බස්සා වූ මා, කාන්තාරයේ දරුවන් සහ නෞකාවන් වූ අරාබීන් සහ ඔ‍ටුවන් සමඟ උතුරු දෙසට ගමන් කලෙමි. ඉතා කුඩා ක්ෂේම භූමියක් තුළ ඉඳි කල, එළු සමින් ආවරණය කල, අටක් හෝ දහයක් අරාබි කූඩාරම් අප ඉදිරියේ විය. කිසිදු බලාපොරොත්තු නොවූ විටක, ඉතා හදිසියේ එයින් එක කූඩාරමකින් එලියට පැමිණි ඔහු අප හමුවීමට වේගයෙන් ඉදිරියට පැමිණියේය.

" අප්පට හුඩු, බස්සෙක්"" යැයි මොරගැසූ ඔහු " දෙවියන්ට ස්තූති වේවා" යැයි කීවේය.වටේ  කැරකුනු ඔහු " බස්සෙක්ම තමා " යැයි කීවේ මා නිරීක්ෂණය කරමිනි.

"මට, අද දිනය කියන්න. මොකක්ද වසර ? "

මම අද දිනය කී විට ඔහුගේ මුහුණේ ඇති වූ විශ්මය මොනවට පැහැදිලි විය.

"එය විය නොහැකිය!" ඔහු මොහොතකින් පසු මොරගැසීය. "එය විය නොහැක! ඔබ වැරදි බව මට කියන්න, මේක විහිලුවක් නේද?. "

"මම ඔබට කිව්වේ ඇත්ත, මිත්‍රයා," මම කිව්වා. "ඇයි මම නාඳුනන අමුත්තෙක් රවටන්නේ, නැත්නම් අද දිනය වගේ සරළ ප්‍රශ්ණයකට බොරු කියන්නේ?"

යම් කාලයක්  ඔහු හිස නමා  නිහඬව සිටියේය.
http://www.tarzan.org/art/ffeb22.jpg
"වසර දහයකට!" ඔහු තමාටම කියා ගත්තා. "මම හිතුවේ වසරකට  අඩු මිසක් වැඩි නෑ කියලයි. දෙයියන්ට ඔප්පු වෙච්චාවෙ, ගෙඩි පිටින් වසර දහයක්?"

මේ එදා  අරාබි මරු කතරක, හුදකලා ක්ෂේම භූමියක , නිසල තරු විය
නක් යට ඔහු මට කී කතාවයි. මෙය අරාබි නිසොල්ලාසයේ කතාවක් තරමටම රසවත් බවට , මට සහතික විය හැක.

***********************************

කතාවෙ ඉතුරු ටික කියවන්න ඕනෙ නම් මෙන්න ලින්ක් එක. කතා පොත් 5 තියනවා. අවුරුදු 50 වැඩි නිසා කොපි රයිට්ස් නෑ.

 Pellucidar

කැමති නං කියවපල්ලා, අකමැති නම් , ඒත් කියවපල්ලා


********************
කියවන්න අවශ්‍ය අඩුම -කුඩුම:
1.Fire Fox
2. EPUBReader Addon
3. gtranslate Addon









27 comments:

  1. බෂ්ෂන්ට බෙනෙන් එළියට එන්ට හිම ටික්කාක් වැටෙන්ටම ඕන නේ...

    ReplyDelete
    Replies
    1. විස්වාස කොරාන්ට ආයිබෝං,තාම හිම එක කඳුළක්වත් නෑ. ඉස්සරහට දෙයිද දන්නෑ , වැල් පොලියත් එක්කම :)

      Delete
    2. ඇයි බොලං, මගේ යාළුවෙක් පින්තූරයක් දාලා තිබුනෙ ඊයෙ රෑ හිම ඩිංගක් වැටිලා තියෙනවා..

      වෙබ්සයිට් එකට ගියා.. බොට පිං තව පොත් ටිකක් බාගන්ට තැනක් හොයලා දුන්නට.. ඒ වුනාට ගොඩක් ඒවා තියෙන්නෙ epub format එකටනෙ, pdf තිබ්බනං මරු..

      Delete
    3. අපට තාම හිම නැත, දැම්ම නාවට අමනාපයකුත් නැත :)

      FireFox වල ePub Addon එකක් දාගත්තාම ePub අපූරුවට කියවන්න ඇහැකි. pdf ම ඕනම් නං ටිකක් වටේ යන්න වෙනවා convert කරගන්න

      Delete
    4. මම පාවිච්චි කරන්නෙ FBReader for Windows කියලා epub reading software එකක්..

      Delete
    5. මම ඒක ට්‍රයි කරල බැලුව. මට නං FireFox හොඳයි කියල හිතුනා.

      Delete
  2. අගේ අැති කතාවක් වගේ....

    ReplyDelete
    Replies
    1. එහෙනං, කතාව ලියපු හාදය අගේට ලියල තියනවා

      Delete
  3. අඩේ කතාවනම් ඉන්ටරෙස්ටින්ග් වගේ.

    ReplyDelete
    Replies
    1. ඔව්, ඔව්, මෙයා වැඩිය ප්‍රසිද්ධ ටාසන් කතා මාලාව ලියපු ලේඛකයා කියලයි. මේ කතා සැට් එක සහ ජෝන් කාටර් ( ඒක නං ලඟදී සිත්තරපටියට ගත්තා) කතා අප අතර වැඩිය ප්‍රසිද්ධ නෑ. ඒත් නියමයි.

      මේ වගේම ආතර් කොනන් ඩොයිලිගෙත් ( ෂර්ලොක් හොම්ස් කතා ලියපු ) වැඩි ප්‍රසිද්ධියක් නැති " Lost World" කියල කතාවක් තියනවා. ඒකත් හොඳා.

      Delete
    2. ඒකෙත් ෆිල්ම් & TV සීරීස් තියනවනෙ

      Delete
    3. ජෝන් කාටර් ‍ෆිල්ම් එක කරල තියෙන්නෙ 2012, ඒ නිසා වෙන්න ඇති හොඳට කරල තියනවා. මම හුඟක් පරණ ෆිල්ම් & TV සීරීස් බලන්න ටිකක් අකමැතියි, විශේෂයෙන්ම ෆැන්ටසි වර්ගයේ එව්වා.

      Delete
  4. 'ඒත් කියවපල්ලා' කියලා තියෙන හන්දා කියවන්ට හිතුනා.:P

    මුලින් හිතුනෙම බස්සා නිවාඩුවට කාන්තාරෙකට ගිහින් කියලා...:D

    ReplyDelete
    Replies
    1. කාන්තාරෙකට ගියත් මැදපෙරදිග නං යන්නෙ නෑ. මට පෙන්නන්න බෑ ඔය අවලං ඔ‍ටුවො :)

      Delete
  5. 5ක් තියෙනවා??? මම කියවලා තියෙනවා 2ක් නම්!!! මම හිතුවා එච්චරයි කියලා!

    ReplyDelete
    Replies
    1. දෙකක් කියෙව්වා නං හොඳටම ඇති. ගේම් ඔෆ් ත්‍රෝන්ස් ලියපු වල් මාටියා වගේ නෙමෙයි, මේ කතා අහු-කොන් නැතුව හොඳට ඉවර කරල තියනවා. පස්සෙ කියවන්නන්ගෙ ඉල්ලීම්පිට අනෙත් කතා ලියල තියෙන බවයි පේන්නෙ

      Delete
  6. ටාසන් ඉන් පෙලුසිඩාර් පොතක් තියනව නේද?
    කොමික් පොතත් තියනව. අලුත් ගොතම් කොමික්ස් (ඉන්දියන් පබ්ලිශ්ඩ් ) මට මතක විදිහට

    ReplyDelete
    Replies
    1. ලාවට වගේ මතකයි!! ප්ලෙන් එකකින් යන සීන් එක නේද?

      Delete
  7. ජේ ටී එඩ්සන් ගේ ෆික්ශනල් ජීනියොලොජි කියවල තියනවද?
    වෙනස් කතෘන්ගේ චරිත හා ඔවුන්ගේ descendants ල අතර family tree හදල

    ReplyDelete
    Replies
    1. http://familypedia.wikia.com/wiki/Fictional_genealogy

      Delete
    2. ඒක නං බලල නෑ, ලින්ක් එක දිගේ ගියටත් හොයාගන්න බැරි වුනා

      Delete
  8. හා, සැන්ටා බස්සා නත්තල් තෑගි ගෙනල්ලා. තැන්ක්යූ තැන්ක්යූ! :D

    ReplyDelete
    Replies
    1. අම්මපා මේ කිව්වාමයි මතක් වුනේ.

      ප්‍රිතිමත් නත්තලක් සහ සුභ අලුත් අවුරුද්දක් වේවා!, සැමටම.

      Delete
  9. පෙලි සිඩායනය හරි ඒවගේ නමකිං හරි පරිවර්තනය කරපු පොතක් මං කියවල තියනව.මේක නං තාම බැරි වුනා.ඩික්ෂනරියකුත් එපැයි ඉතිං මට.ඔත්තුවට .තෑන්කූ

    ReplyDelete
    Replies
    1. ඔව්, ඔබ හරි මේකෙ පලවෙනි පොත දැනටමත් පරිවර්තනය කරල තියනවා. මාත් කියවන්න ගත්තෙ ඒක දැකල තමයි. ඒත් මං කියන්නෙ , මේ ඉංග්‍රිසි පොත් කියවන්න ගන්න කියලයි.

      Firefox වලට ePub රීඩර් එකයි , dictionary add on එකයි දාගත්තාම ලේසියෙන්ම කියවන්න ඇහැකි.ඒක කරන හැටි ඔන්න පොස්ට් එක පහලින් ඇඩ් කලා

      Delete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code