Dec 27, 2014

සුභ අලුත් අවුරුද්දක්


කතිර යුද්දෙත් ලඟ, ලඟම එනවා නෙව? ඔන්න එහෙනං හැමෝටම සුභ අලුත් අවුරුද්දක් කියල කිව්වා

Dec 20, 2014

සිංදුවක්, බස්සෙක් හා පාපොච්චාරණයක්



Will you stay with me, will you be my love
Among the fields of barley
We'll forget the sun in his jealous sky
As we lie in fields of gold

මේක කියන්නෙ මං කැමතිම ගායකයෙක් "ඇනපිය" .

ඇනපිය කිව්වට එයාගෙ ඇත්ත නම Gordon Matthew Thomas Sumner, ඒත් එයා වැඩිය ප්‍රසිද්ධ Sting කියලයි.

Nov 30, 2014

ලුණු දෙහි


බොහොම කාළෙකට ඉස්සර, ගමක හිටියා බස්සෙක්. බස්සෙක් කිව්වාට මේකා බසු පැටියෙක්. දවසක ගෙදර  ගෙදර පරණ පෙට්ටගමක් අවුස්සපු බස්සට හම්බවුනා මැජික් ලාම්පුවක්  පරණ පොතක්. පොතක් කිව්වට , මේක පොත් රාජයෙක්. විසාල පොතක්. හොඳට බයින්ඩ් කරලා , හදලා තිව්නෙ කලු කඩදාසි වලින්. මේ කලු කඩදාසි ඇතුල් පි‍ටු පුරවලා තිබ්බෙ, පත්තර වලින් කපා ගත්ත එක එක ලිපි.

Sep 22, 2014

බස්සා සහ මකරා

යිස් ප්‍රාකාරෙ පදිංචියට ගියාට පස්සෙන් පහු , බ්ලොගෙ මකුලු දැලුත් බැඳිලා. කොහෙ පෝස්ට් ලියන්නද අප්පා, බිසී,බිසී?
ප්‍රාකාරෙ උඩත් තියනවා "පෝස්ට්". ඒත් එව්වා මේ ලියන කියවන එව්වා නං නෙමෙයි, හිටගෙන මුර කරන එව්වා. හිටපු ගමන් අපේ අණදෙන නිලධාරිතුමා කියනව " අද මං උඹව 'පෝස්ට්' කරඤ්ඤං, ඊස්ට් ටවර් එකට" කියලා. මුලදි මට හිතුනෙ , උන්දෑ මයෙ ත‍ටු අකුලලා හත‍රැස් පාර්සලයක් හදලා තැපැල් කරන්නවත් හදනවාද කියලයි.

Aug 10, 2014

කතන්දර කියන බස්සෙක් හා නරියෙක්


ඔහෙල දන්නව නෙව, මං ලඟදි ගෙවල් මාරු කරපු විත්තිය? ඕං ඉතිං, ඔය අලුත් නවාතැනේ  පෑලපදියං වෙලා , මේ පහුගිය සති අන්තෙ හැන්දෑ ජාමෙක මං වටපිට සිරි නරඹන්න කියලා බැල්කනියට - බෙනේ ඉස්සරහ අත්ත , උඩට ආවා.

මෙන්න බොලේ කව්ද මගේ නම කියල කතා කරනව:

" බස්ස, බස්ස"

හෑ, කව්ද මේ කැලේ මට  ගරුනම්බු නැතුව  මුල් නමින් කතා කරන්න පුළුවන් ජගතා?  මං උඩ බැලුවා, බිම බැලුවා. බැලින්නං, නරියෙක්.

"එම්බා, කසාවත් පැහැති හිවල් පුත්‍රය. මේ  නුඹ ඉදිරියේ වැඩ සිටින්නේ, හවුස් බස්තියං ගෘහමූලික සේර් බස්තියං  නැමති නයිට්-වරයා බව දැණ ගනුව. නැහ්නං තා අල්ලා අයිස් ප්‍රාකාරයේ උඩ සිට ඔලුව පහතට සිටින සේ පරසක්වල ගසන්නට , මාහට හැකි බව දණුව. මේ වනයේ මා හැර වෙනත් වෙනත් බසුන්නාන්සෙලා ඇත්ද?"

" මඟුලක් කියනවා. අනේ පිංසිද්ද වෙයි , ඔය මහප්ප්‍රාණ නැතිව කතා කරපං. දෑං බලාපං උඹ මෙහෙට වෙලා ඉන්නවා, අරහෙ අර බ්ලොග් කට්ට වේලෙනවා. මං අහන්නෙ එව්වා හරි වැඩද,බස්සො?"


Aug 2, 2014

බස්තියං

හා. ආයිබෝං කිව්වා. මං මේ, මේ පැත්තෙ ආව මකුලු දැල් ටික කඩල පොඩ්ඩක් සුද්ද බුද්ද කරල යන්න. දැන් පදිංචිය අයන්වුඩ් ගහක  නෙව. ඔහෙලට කියන්න එහෙ නෙව සෙල්ලං තියෙන්නෙ.අම්මපා, එහෙමත් පිංසාර රටක්, කිරියෙන් පැණියෙන් උතුරනව. විසේසයෙන්ම එහෙ පැණි බාන්නෙ බැරල් වලින් :)

Jun 8, 2014

පාරිභෝගික සමාජය සහ Pursuit of Happiness

http://ihatecommuting.files.wordpress.com/2008/09
/the-pusuit-of-happyness.jpg
පහුගිය දොහක මට හම්බ වුනා මීයෙක්. එයා ඔය අපේ බ්ලොග් එහෙමත් කියවනවා - යමක් කමක් දන්න සතා.

අර මීපුර වැසියෝ එකේ හිටියෙ.

"පොත් හතක් අටක් දැනටත් ලියා දාලා..
තියෙනව, මත්තටත් තවත් ලියනට හිතේ ඇඳීලා.."

අන්න එයා.

Jun 4, 2014

දුක නැති කිරීමේ මාර්ගය

මේ දවස්වල කස්ටිය හෝ ගාලා දුක , සහ දුකට හේතුව හොයනව නෙව. අම්මපා , එව්ව කියවලා මගෙත් ඔලුව මඤ්ඤං වෙලා  ඉන්න අල්ල පනල්ලෙ, අද හැන්දෑ කොරේ  මං දැක්කා, දන්න කියක උගුඩුවෙක්ව.


මූ නිකං වට පිට බල, බල නැවති, නැවති යන විදිහට මට තේරුණා මේ නං යන්නෙ හොර ගමනක් තමයි කියලා.

Jun 1, 2014

මල් වඩම් අනවශ්‍යයි

http://www.hacknmod.com/wp-content
/uploads/2008/11/hard-drive.jpg
අනිච්චාවත සංකාරා ! මලා, ඒ හැටි කියන්න තරම් අසනීපෙකුත් තිව්වෙ  නෑ. ඔය පොඩි  කැස්සක් හෙම්බිරිස්සාවක් නං තිබ්බ තමා. හොඳට හිටියා. හුටස් ගාලා එකපාරටම පරලෝ සැපත් වුනා. මොනව කරන්නද? ගෙනාපු ආවිස ඉවර ඇති, බැලුවම වයස කියන්න බැරි වුනාට , සැහෙන්න වයසයි.

W.D Caviar  (උපත- 2007 විපත- 2014)

May 24, 2014

ජනතාව අවදි කරන්නෝ

http://www.prikol.ru/wp-content/gallery/july- 2012/big-cats-58.jpg
බස්සා කියන්නෙ නිශාචර පක්සිය කියන ඔහෙල දන්නව නෙව? බස්සා වැඩට යන්නෙ යක්කු ගස් නගින වෙලාවට. හැබෑටම, ඔහෙල දන්නවද , යක්කු ගස් යන්නෙ ඇයි කියලා? මට නං හිතෙන්නෙ, හොර කුරුම්බා බාන්ට වෙන්න ඇති කියලයි. ආයි මොකටෑ බොරු කියන්නෙ, බස්සත් හොර කුරුම්බා බීල තියනවා. මේක කිව්වෙ , " බස්සා අහිංසක පක්සියා කියල හැම තිස්සෙම කියා ගන්නව. ඒ වුනාට ඕකා මහ හොර බස්සා " කියල ලෝකයා කියන චෝදනාවෙන් ගැලවෙන්නයි :)
හරි, ඔය මඳෑ පඳුරු තැලුව ( © හැලපෙ -2013) , දැං එමුකො කතාවට. ඉස්සර කාලෙ ලංකාවෙ තිබිච්ච ජීවන රටාව අනුව,  කාලය කියන එක එච්චරම  වටිනා සාධකයක් බව  පේන්න නෑ. බොහෝ විට ස්වයං ‍රැකියා කල  අපේ පැ‍රැන්නො, වැඩකරල තියෙන්නෙ එයාලගෙම කාල සටහනකට. නිශ්චිතවම වේලාව දැණගැනීමේ අවශ්‍යතාවයක් නැති නිසා, ආසන්න වශයෙන් වෙලාව කියල තියෙන්නෙ සූර්ය්‍යාගෙ පිහිටීම අනුවයි - මෙන්න මෙහෙම:
" දැං, මයෙ හිතේ ඉර හැරිල හෝරාවක් විතර ඇති"

ඉර බැහැල ගියාට පස්සෙ, ජනතාවට වෙලාව දක්වල තියෙන්නෙ , මෙන්න මේ කස්ටිය:
ඇටි කුකුළා - බුක් ගෑම
ගං කුකුළා - හැඬලීම

මං හිතන්නෙ, ඒ කාලෙ කාටවත්   , දෙයියනේ කියල බුදිය ගත්තට පස්සෙ, ඒ ආතල් එක කඩාගන්න අවශ්‍යතාවයක් තියෙන්නෙ නැතිව ඇති, නැහ්නං, ඔය කුකුල් නාම්බෙක්  අල්ලල , බුදියන පැදුර ගාව බැඳලා තියාගන්ට තිබුනෙ නෙව , එලාම් ක්ලොක් එක විදිහට?

ලංකාවෙ එහෙම වුනාට , විකිපීඩියාවට අනුව, පුරාණ චීනෙ  Song Dynasty (960-1279) කාලෙ, අය නං වෙලාවට වැඩ කරල තියෙනව. එයාලගෙ නිපැයුමක් තමා,  හඳුංකූරු  සීනු ඔරලෝසුව.
http://upload.wikimedia .org/wikipedia/ commons/e/eb/ IncenseAlarmClock.JPG
මෙන්න රාජකීයන්ට හදපු මහප්ප්‍රාණ එකක්:

මේ තියෙන්නෙ , බොහොම සරල , හුදී ජනයාගෙ වර්ෂන් එක:
http://www.japanese-i ncense.com/sb3.jpg
නිකං හිතන්නකො මදුරු කොයිල් එකක් ගැන. අපි මදුරු කොයිල් එකක් පත්තු කලාම ඕක පැය ගාණක් පත්තුවෙනව නෙව.  මේ අනුව  කොයිල් එකේ පැයකට පත්තුවෙන දිග ආසන්න වශ්යෙන් සමානයි. දැන් අපි  අවශය පැය ගානට දිග ගනන් බලල. ඒ තැන තියනවා හණ නූලකින් එල්ලපු  යකඩ බෝලයක් වගේ බර එකක්. දැන් කොයිල් එක පත්තුවෙලා ඇවිල්ලා අවශය වෙලාවට හණ නූල පිච්චිලා යකඩ බෝලෙ වැටෙනවා තැටිය උඩට "ටාං" කියල.  

මං මේක ඉස්සෙල්ලම දැක්කෙ Dragon (Wu Xia) - 2011 කියන චීන සිත්තර පටියෙ. මෙන්න මේ ට්‍රේලර් එකේ මුල යන්තමට ඒක පෙන්නනව. 

හරිම ලස්සන කතාව , බලන්න. හොයාගන්න කම්මැලි නං යූ-ටියුබ් එකේ තියනව සම්පූර්ණ බාල කොලිටි එක

දැං එමුකෝ අද කාලෙට. මේ කාලෙ, මූකලං බස්සෙකුටවත්, දෙයියනේ කියල  බුදිය ගන්න නිදහසක් නෑ නෙව. ඇයි ඉතිං පනං හතරක් හොයාගන්න, බඩ රස්සාවට යන්න එපැයි.

මං සාමාන්‍යයෙන් බුදියන්නෙ  කොටස්  දෙකකට. ඕං ඉස්සෙල්ලම, හිමිදිරියෙම හීල සප්පායං වෙලා, යනව ඉන්ටනෙට් එකේ හැලප ගිලින්ට. එහෙම ඉන්න කොට , ඇස් පියවීගෙන එන ගානට ආවම,  හොඳට කුරුමානං අල්ලල පනිනව ඇඳට. ආයි ඇහැරෙන්නෙ, බඩ පනුවො බොක්සින් ගහන වෙලාවට තමා- ඕක තමා පලවෙනි කොටස.

දෙවනි නිදි වඩිය පටන් ගන්නෙ, වැඩට යන්න පැයක්, දෙකක් තියල. ඔන්න ඕක තමා ආයිබෝං අමාරුම හරිය. බුදියන එක නෙමේ, ඇහැරෙන එක. මේකට මං ලෑස්ති කරගෙන තියනවා, අඩුම කුඩුම ටිකක්:

1.තඩි LED clock  එකක්. - එක ඇහැක් විතරක් ඇරල බලල, වෙලාව තියේ නං ආයෙ නිදා ගන්ට.

2.එලාම් ඔරලෝසුව - මේක තමා වැදගත්ම එක. මං දැනට ඔරලෝසු දහයක් විතර ට්‍රයි කරල තියනවා. ඔය සාමාන්‍ය එලාම් වලට බෑ බස්සොන්ව ඇහැරවන්ට. කොටින්ම , මං අත්හදා බලපු හයිටෙක්, ටච් ඉස්කිරින්, ඉන්ටනෙට් ඔරලෝසුවටවත් බැරි වුනා නෙව, ඔය වැඩේ - හයියෝ ෂල්ලි .

සමහර දාට මට ඇහිල තියනවා, මං බල බල ඉන්න හීනෙ එලාම් එකක් වදිනවා. හීනෙන් වදින එලාම් කව්ද ගනන් ගන්නෙ, නේද? පුරස්නෙ, වැදිල තියෙන්නෙ ඇත්තම එලාම් එක නෙව.

දැං බලන්නකො , මේ සුද්දො අතරෙත්  ඉන්නව නෙව, මේ අපි වගේ කුම්භකර්ණයො?


අන්තිමට මං හොයා ගත්තා, අල්ටිමේට් එලාම් එක. මේක  නං අති සාර්ථකයි.  වැඩි මහප්ප්‍රාණ නෑ, වැඩි ගාණකුත් නෑ. මෙන්න තියෙන පහසු කං:
1. ලොකු snooze button එකක් - පලවෙනි සැරේ පටෝන් ගාල තඩි බාලා, ආයෙ ඇහැපියෝ ගන්න
2. එලාම් සද්දෙට අමතරව, වයිබ්‍රේටර් වෙන ගැජට් එකක්. මේකෙන් පුළුවනි , ඕන බස්සෙක්ව ඇහැරවන්න. 

අත්දු‍ටුවයි, ප්‍රත්‍යක්ෂයි..

May 14, 2014

ගරිල්ලා මාකටින්

http://pepecasals.files.wordpress.com/2008/07/guerrilla-marketing
-ikea-bus-stop-new-york1.jpg
ගරිල්ලා මාකටින් කියල කියන්නෙ , සම්ප්‍රදායක නොවන , ඒත්  නිර්මාණාත්මක වගේම ආකර්ශණීය වෙළෙඳ උපක්‍රමයක්. මේ පිංතූරෙ තියෙන්නෙ IKEA  වලින් කරපු එහෙම එකක්:

මට මේක මතක් වුනේ , අපේ සමහර සහෝදර බ්ලොග් රචකයො , බ්ලොගෙ මාකට් කර ගන්න විඳින දුක දැකලා. 

May 10, 2014

අපි නොදන්න අයි-පෑඩ්

ලියන්න දේකුත් නෑ, වෙලාවකුත් නෑ. ඔන්න ඔහේ වල්පල් ටිකක් ලියලම දාන්නම්.

මුං මගේ සති-අන්ත නිවාඩු දවස් දෙකෙන් එකකට කෙලිය නෙව. මං සතියෙ දවස් පහක් මහන්සි වෙලා වැඩකරන පක්සියා ආයිබෝං. එහෙව් සතෙක් සති අන්තෙ එනතුරු ඉන්නෙ ඇඟිලි ගැණ, ගැණ. කඩේ යන්න, උයන්න,  ඇඳුම්-කැඩුම් හෝද ගන්න තියෙන්නෙ ඕය දවස් දෙක නෙව. සිකුරාදා නයිට් එක ඇදලා ඇවිත් හෙනහුරාදා  වලහ වගේ ආතල් එකේ බුදියනවා. රෑට ඔය කඩල එකක් එහෙම හදාගෙන , සිත්තර පටි දෙක තුනක් එහෙම බලලා, ඉරිදා  ෂපාන් එකේ  දිග ඇදිලා , අල ගෝනිය වගේ ඉඳගෙන යනවා හැලප කන්ට.  එතකොට තමා මයෙ බැස්ටි රී-චාජ් වෙලා, ඊලඟ සුමානෙ අදින්න ඇඟට පණක් එන්නෙ. එහෙව් නිවාඩු දවසට නෙව මුං කෙලියෙ?

Apr 27, 2014

කාක්කන්ට කූඩු තැනීම

http://funny-pics-fun.
com/wp-content/uploads/Funny-
Cute-Owls-27-320x240.jpg
මේ තියෙන්නෙ , අවුල් පාර්ලිමේන්තුවක්. මං නෙමෙයි , සුද්දො තමා එහෙම කියන්නෙ. ඇයි කියල නං , මං දන්නෙ නෑ. බාගදා, බස්සො කීප දෙනෙක් එකකු වුනොත් එතන අවුල් හවුලක් නිසාද, නැත්නම් සාමාන්‍යයෙන්  පාර්ලිමේන්තුවෙ ඉන්න අය ගැන හිතලම එහෙම කිව්වද මන්දා?


Apr 5, 2014

පිස්සු හැදෙන සඳ

මං ඔය පරිසරය වැනිල්ලට එච්චර දස්ස නෑ නෙව , ආයිබෝං. නම් ගම් වසයෙන් වෙන , වෙනම නොකීවාට,ඔය වැනිල්ලටම ඉපදිච්ච දස්ස බ්ලොග් ලියන්නො ඉන්නව නෙව අපිත් එක්ක. පුහ්, හප්පා බලන්න එපැයි එයාල වනන ලස්සන. අනික මං බස්සා, මයෙ ආයෙ මොකක් කියල වනන්නද?

එත්,ඔය සමහර සිංදු, කවි එහෙම තියනව නේද,  අහන කොට අපූරු චිත්‍රයක් මැවෙනව නෙව හිතේ. ආන්න එතකොට මටත් නොදැනිම, වැනෙනව නෙව. දැං බලාන්ට

පුන්සඳ පායපු මහ රෑක
ගඟ ලඟ ඉඳිකල පොඩි ගේක
නැතිකර ගන්නට දුක සෝක...
හැමදාමත් කරනව මේක...

මල් ඔතනෝ.. මුං, මල් ඔතනෝ..

Apr 4, 2014

පුස්තකාලයක් සහ පොතක්


පොත් ගුල්ලෙකුගේ සිහිනය - ( පිනුම් ගහන්නට පෞද්ගලික පොත් ගුලක්)


Apr 1, 2014

කඩචෝරු

http://farm5.staticflickr.com/4068/4242246916_65d82a0642_z.jpg
බඩේ ගාය කියන්නෙ බස්සගෙ ප්‍රියතම අසනීපය. දැං බලාන්ට, ඔය උණ, හෙම්බිරිස්සාව වගේ  අජූත ලෙඩ හැදුනාම  ඇඟට පන නෑ, සති ගාණක් යනකං විඳවනව නෙව. ඒ වගේද බඩේ ගාය, හැදුනා නං, සැරට කලු කෝපි එකක් හැදුවා  දෙහි බෑයක් මිරිකලා දැම්මා , ඇදල ඇරියා , අහවරයි නෙව. දරුණුම එකක් නං, බ්‍රැන්ඩි  ටිකකුත් දානව, නැහ්නං අත්දු‍ටු බේත තමා ක්‍රිම්රාජ කරල් ගුලි. ඉඟුරු ඉස්ම, දෙහි යුෂ, මීපැණි  සම සමව ගෙන, ගුලි  දෙකක්  සමග ගිලිනු , පත්තියම් නෑ, ගුලි වල පුස් තිබුනාට නරක් වී නොමැත ( මයෙ හිතේ ඒ කියන්නෙ ඇක්ස්පයරි ඩේට් නෑ වෙන්ටෑ )

Mar 22, 2014

බස්සෙක්, බරවාහනයක් සහ කරත්තයක්

හුගිය දොහක මං පාන්දර ජාමෙ වැඩ ඉවර වෙලා එලියට ආව, ගෙදර එන්න.පාන්දර වුනාට, තාමත් කළුවරයි. පොඩි හිරිපොදයකුත්, ඇඟ කිලිපොලන හීතලකුත් තිබුනා.

 පැත්තක නවත්තල තිබුන තඩි කන්ටේනර් ට්‍රක් එකේ දොර ඇරුන. ඒකෙන් බැස්ස සුන්දර ලලනාව, කෝපි මල් හිනාවකුත් දාගෙන කෙලින්ම බස්ස ගාවට ආවා. මට පොඩි චකිතයක් ඇති  නොවුනාමත් නෙමෙයි, ඒත් අතේ ලමයෙක් හිටියෙ නෑ, තිබ්බෙ ෆයිල් කවරයක් :) සාමාන්‍යයෙ ඔය තඩි ට්‍රක් එලවන්නෙ පිරිමි. ඉඳලා හිටලා මහත-දෙහත පිරිමි වගේ ගෑණුපරාණත් එලවනවා. ඒත් මේ වගේ මටසිලි‍ටු  ඉටි-කිරිස් කෑලි ට්‍රක් ඩ්‍රැයිවරියො  අඩුයි.

Feb 26, 2014

රොමාගෙ වාසනාව සහ බස්සාගේ අවාසනාව

බස්සා කුඩා කල පොත් කියවීමට රුසියෙක් විය. අතට අසුවු ඕනෑම පොතක් , පත්තරයක් පමණක් නොව, කඩල ගොට්ටක් වුවද උගෙන් බේරුනේ නැත. මේ පොත් කියවීමේ පිස්සුව කොතරම් තදේට තිබුනාද කීවොත්, කවදා හරි ඌට පුස්තකාලාධිපති කෙනෙක් වීමට ඕනෑ විය. සියලු සංස්කාරක ධර්මයෝ නැසෙන සුළුය යන සිද්ධාන්තය නිසා හෝ පුස්තකාල වලට බස්සන් එපා වීම නිසා හෝ බස්සා පුස්තකාලාධිපති කෙනෙක් වූයේ නම් නැත.

Feb 23, 2014

අපේක්ෂාව සහ යතාර්ථය

ආං අරහෙ කස්ටිය ගජරාමෙට සිත්තර අදිනවා. කකා  කාක්කො ක්ලෝන් කරනවා. බින්දිත් හි‍ටු කියලා 'සපා,සපා' කියකිය අඳිනවා.

ඔය අව්වස්සෙ, Pra Jay පොඩි බිස්නස් එකකුත් කරන හදනවා - කකාට ඇඳක් විකුණන්න. ඒකට නං කකා , 'තියෙන ඇඳ  හොඳා' කිව්වා. මේ වැඩේ නං ඉන්තේරුවෙන්ම වැරදියි.  ඒ අහිංසකයා දන්න හිංගලෙන් " ඇඳ ගන්නවද' කියල ඇහුවම, 'ඇඳ එපා' කියනවා.  හොඳ වෙලාවට 'ඇද ගන්නවද' කියල නෑහුවෙ, මුං කියයි ' ඇද ගත්ත නං, දැං නාගනින්' කියලා

ඇයි යකඩෝ, අපිට ඉතරක් මොකෝ සිත්තර අකැප?  මෙව්ව දැකල මාත් ඇන්ඳා  සිත්තරයක්. හොඳ සිත්තරෙක් වෙන්න නං , අනිත් අය ඇඳපු එව්වා වලින් ආදර්ශ්යක් ගන්න එපෑ?  ඉස්සෙල්ලාම  බාගත්තා  එහෙම එව්වා දෙකතුනක්
ඇයි මීට කලින් පාත්තයෙක් දැකල නැත්ද?
http://img.xcitefun.net/users/2009/04/44072,xcitefun-26923746.jpg


Feb 12, 2014

Blog to e-book


මම කාලෙක හිටං හොය හොය හිටිය දෙයක්, තමයි කොහොමද  මුලු බ්ලොග් එකම  පොතකට හරවන්නෙ කියලා. සෑහෙන ඇප්ස් අත්හදා බැලුව, හරියට හිතට  ඇල්ලුවෙ නෑ. එක්කෝ පොස්ට්  වටේ තියන ආරළු-බුරුළු ඔක්කොම එනවා, නැත්නම් සිංහල ෆොන්ට් පෙන්නන්නෙ නෑ.  

ඔන්න අද හරියට හරියන එකක් හම්බ වුනා.
http://www.bloxp.com/

මෙන්න හදපු පොත



Feb 11, 2014

බම්බුම තමයි



http://i.dailymail.co.uk/i/pix/2012/03/12/article-2
113801-1221262D000005DC-261_634x437.jpg
ගසුයි , බස්සොයි අතර තියෙන්නෙ කකායි, මීයොයි ගහයි, පොත්තයි, අතර තියෙනවා වගේ කිට්‍ටු සම්බන්ධයක්. ඉස්සර බස්සො හිටියෙ ගස්බෙන වල. දැං ඉන්නෙ මෙන්න මෙහෙම:

පේනවනෙ වෙලා තියන සැන්තෑසිය. "typical industrial animal in a concrete jungle" 


කාලීන අවශ්‍යතාවය අනුව, එහෙම උනාට , බස්සට ගස් බෙන, කන්ද, ලන්ද, හැලප, ලැවරිය එහෙම අමතක වෙලා නෑ.


මං මේ කියන්නෙ ගම හොඳයි, නගරෙ හොඳ නෑ කියල නෙමෙයි. මේ දෙක සංසන්දනය කරන්න බැරි දෙකක්. දෙකටම ආවේනික වෙච්ච හොඳ  සහ නරක තියෙනවා. " ගම කනවා" කියල  කියන්නෙ , කන තරමක් කන්නෙ ගමම නිසා වෙන්න ඇති. එහෙම කිව්වට, ගමත් වෙනස් වෙන එක නවත්වන්න බෑ.නගරෙ ඉන්න අපි ගම වෙනස් වෙනවට කැමති නෑ. ඇයි, එතකොට අපි පුළුවනි නෙව, නගරේ තියන පහසුකම් විඳින අතරම ගමට නිවාඩුවට ගිහින් ගම කන්න :)

Feb 9, 2014

මගේ නොවන මගේම අහවල් එක


www.thesaleslion.com/wp-content/uploads
/2013/02/blogging-employees1.jpg
අපි දැං මේ  තනි ඇඟිල්ලෙන් සිංග්ලිෂ් කොට, කොට  දුකසේ බ්ලොග් ලියනව නේද? එතකොට ඔහෙලා හිතන්නෙ මේව්ව අපේ කියලද?

බ්ලොගේ අපේ කියල කිව්වට , මේක අපේ නොවන අපේම දෙයක්. මොකද මේකෙ අයිතිය තියෙන්නෙ ගුගල්ට, තියෙන්නෙ එයැයිගෙ  ඉඩමෙ. මේ තිත්ත ඇත්ත මට මතක් කලේ ගුගල්ම තමා. අද උදේ බ්ලොගෙට ගොඩ වෙන්න ගිය මාව, මේකා කණෙන් තට්ටකින්  අල්ලලාම එලියට දැම්ම නෙව, මෙන්න මෙහෙම:


Feb 2, 2014

‍ටු මී or නොට් ‍ටු මී

ජර්මන් නාගසලං වාදකයෙක්
සුපුරුදු පරිදි මං ගියා නෙව හැලප ගිලින්න. කොහෙද? කීප පොලකම " කමෙන්ට් මොඩරේෂන්" දාලා, ආයෙත් මේ ඇනෝ මි කරදරේ.

ඔය මීය ඉන්නව නේද ආයිබෝං, ඇතුවත් බැරි, නැතුවත් බැරි සතා. මට ඔය කතාව කිව්වෙ රා මුට්ටියකට වැටිච්ච හික් මීයෙක්.

Jan 31, 2014

පිංතූර පොත


ආයෙ බොරු කියන්නෙ මොකටෑ, මේක නං අලි වංචාවක් :)

කව්රු ගත්ත පිංතූරද මන්දා, මට ඊ-මේල් එකකින් ආවෙ. සමහරවිට ඔහෙලා දැකලත් ඇති. ලියන්න වස කම්මැලියි අප්පා. 



බර නං ඉහිලුවෑකි.. හප්පා ඒකටත් එක්ක බොගේ පස්චාත් බාගෙ  සුවඳ...?

Jan 26, 2014

ලෙලදෙන කොට පැනල ඇවිත් අපිව කයිද

ස්ථානය: කඩ මණ්ඩියෙ එළවළු ලෑල්ල යට...


එහි සැතපී සිටියේ, ලෝක ඉතිහාසයේ, එක්තරා කාලයක,එක්තරා අන්දමක කිසිම විප්ලවයක් නොකල, නිකම්ම නිකං, පරයා ඩෝග් වර්ගයේ, අයාලේ යන සුනඛයෙකි.. බල්ලා ඉඳහිට කන්පට ගසයි, හීනෙන් බුරයි. සමහරවිට  ඌ හීනෙන් පූසෙක් හෝ මීයෙක් පස්සේ පන්නනවා විය හැක. 

මේ සනිදා හිමිදිරි උදෑසනයි. කඩ  මණ්ඩිය පාලුවට ගොස්ය, තවම පෙරදා නිදාගත් නගරය අවදි වී නැත. මේ  පරිසරයේ නිසලබව බිඳුනේ, හංදියේ බේකරියේ පස්සා දොරින් මතුවූ බඩ තඩි පුද්ගලයෙකු, කාටදෝ බැණ වදින හඬකිනි.

Jan 20, 2014

නයි සහ හොරා කයි

ඕං මේ ඊයෙ පෙරෙයිදා උදේක , මං සුපුරුදු පරිදි , හීල සප්පායම් වෙලා ත‍ටු දෙකත් පොරෝගෙන හොඳ නිදි වඩියකට ලක ලෑස්ති වුනා. මට ඇහෙනවා කව්දෝ පිඹිනවා - සුපුරුදු සද්දයක් , ෂූ..ෂූ.... බැලින්නං මෙන්න බොලේ අපේ කොබෝ නයි උන්නාන්සෙ, ආයෙත් අත්ත උඩට වැඩලා.

" අප්පට සිරි ගජ. මේ අපේ ඒජන්ට් කොබා නාග රාජෝත්තමය නොවැ. ඉතිං, ඉතිං , කොහොමද සැප සනීප?  අර එදා හොට බිම ඇනිච්ච එකට තාම පත්තු බඳිනවද? මං නං හිතුවෙ නෑ ඒ වෙච්ච අලකලංචියෙන් පස්සෙ ඔබතුමා ආයෙ මෙහාට සැපත් වෙයි කියලා"

Jan 17, 2014

හිම




ඉස්සර කාලෙ දවසක
ඇසුව දින හිම කුමාරිගෙ කතාව
පෙරුම් පිරුවෙ නුඹ දකින්නයි
සුදෝ සුදු සුපිරිසිදු ..හිම

ගිණියම් වූ කතරක
කහවනු සොයනා විට
සිහින මැව්වේ නුඹ දකින්නයි
සුදෝ සුදු සුපිරිසිදු ..හිම

Jan 8, 2014

බුක් මාර්ක්ස්

බුක් මාර්ක්ස් කියන්නෙ හැමෝම පාවිච්චි කරන පහසුකමක්නෙ. වැඩේ තියන්නෙ, තමන්ගෙ බුක් මාර්ක් ලිස්ට් එක දවසින් දවස දික්වෙන කොට , ඒක නඩත්තු කරන්න තියෙන අමාරුවයි.

Jan 2, 2014

Take the Bull by the Horns

http://i.imgur.com/qCQYZhg.jpg



 http://stupid-ideas.blogspot.ca
ඉන්ටනෙට් කියන්නෙ හරකා වගේ සතා. යාප්පුවෙන් තියාගත්තොත් බොහොම ප්‍රයෝජනයි. හැබැයි අනවශ්‍ය වැඩ කරන්න ගියොත් මෙන්න මෙහෙම වෙන්නත් බැරි නෑ