Dec 26, 2015

හිරු නොබසින ලෝකය

http://68.media.tumblr.com/tumblr_mcabbhj11Z1qezj1no1_1280.jpg
ප්‍රථමයෙන්, මම ඔබ මේ කතාව විශ්වාස කරාවි යැයි බලාපොරොත්තු නොවෙමි. එසේම  මගේ  සම්පූර්ණ නොසැලකිල්ල සහ සහ
 මෝඩකම නිසා,  හෝතම්බුවාට මේ කතාව කීවිට, බෝක්කුවක් තරමට කටත් ඇරගෙන උන්දෑ මා දෙස  බලාගෙන සිටි සුන්දර දසුන ඔබ දු‍ටුවා නම්, ඔබ ඒ ගැන පුදුම නොවන බවත් මා  දනිමි.බස්සන් කට ඇරියොත් කියන්නේ අලි කෙබර යැයි නොසන්ඩාල  රට්‍ටු කියන කතා පයිසෙකට මායිම් නොකර මම මේ කතාව ඔබට කියමි.

දැන්  නියත වශයෙන්ම ඔබ, මා එක්කෝ නත්තල් පප්පාගේ  සෙල්ලම් බඩු මල්ල හොරකම් කලා යැයි හෝ නැහ්නම් කෞතුකාගාරයෙන් රජ ඔ‍ටුන්න පන්නාගෙන යන්න ඇති වැනි නසරානී වැඩක් කරන්න ඇතියැයි සිතනවා වෙන්න පුළුවන.